Wednesday, July 6, 2016

IF Statement in VB6


VB6 හීදී IF Statement භාවිතා කිරීම

If හා Then භාවිතය.

57 යන ඉලක්කම 50ට වැඩි එක්කද යන්න සෙවීමට If සහිත කේතයක් ලියමු.

	If 57 > 50  Then
		Print "It's True"
	End if

  1. ඉහත කේතයේ if පදයට පසු ඇත්තේ 57ත 50ට වඩා විශාලද කියා සොයන පදයයි. මෙහි 57 > 50 හි > සලකුණින් එය පරීක්ෂා කරයි.
  2. පසුව එය සත්‍යය නම් පමණක් (57ත 50ට වඩා විශාලනම් පමණක්) ‍Then වලන් පසු End if දක්වා ඇති කේතය ක්‍රියාත්මක වේ.
  3. මෙහි Print "It's True" යනු 57ත 50ට වඩා විශාල නම් ක්‍රියාත්මක විය යුතු කේතයයි. එමගින් සිදුවනුයේ ෆෝරමයේ It's True ලෙස සටහන් වීමයි. මෙහි It's True වෙනුවට ඔබට අවශ්‍ය වදනක් යෙදිය හැක. (උදාරණ ලෙස Print "57, 50ට වඩා විශාල අගයකි.")
  4. මෙහි 57 නැතුව 49 වැනි 50ට අඩු සංඛ්‍යාවක් පැවතියේ නම් ෆෝරමයේ කිසිවක් සටහන් වන්නේ නැත.
ඉහත කේතයම End If කොටස නැතුව තනි පේලියටද ලිවිය හැක.
	If 57 > 50  Then  Print "It's True"

If, Then හා Else භාවිතය.

25 යන ඉලක්කම 20 ට වැඩි එක්කද අඩු එක්කද යන්න සෙවීමට If සහිත කේතයක් ලියමු.

	If 25 > 20  Then
		Print "It's True"
	Else
		Print "It's False"
	End if
  1. මෙහිදීද ඉහත පරිදිම 25, 20ට වඩා විශාලද කියා සොයා බලා එය සත්‍යනම් ෆෝරමයේ It's True ලෙස සටහන් වෙයි. Then වල සිට Else දක්වා ඇති කේතයන් ක්‍රියාත්මක වන්නේ කොන්දේසිය සත්‍යනම් පමණි.
  2. Else වලින් පසුව ඇත්තේ 25, 20ට අඩුනම් ක්‍රියාත්මක විය යුතු කේතයයි. මෙහිදී Else වල සිට End If දක්වා තිබෙන කේතය ක්‍රියාත්මක වන්නේ කොන්දේසිය අසත්‍ය නම් පමණි.
  3. මෙහි 25 තිබෙන නිසා කේතය ක්‍රියාත්මක වීමේදී ෆෝරමයේ It's True ලෙස සටහන් වෙයි.
  4. 25 වෙනුවට 19 ඇතුලත් කර බලන්න. එවිට ෆෝරමයේ It's False ලෙස සටහන් වනු ඇත.

If, Then, Else හා Else Ifභාවිතය.

x යන සංඛ්‍යාව 30ට වැඩිද, 30ත් 25ත් අතරද, 25ත් 20ත් අතරද, 20ට අඩුද යන්න සෙවීමට If සහිත කේතයක් ලියමු.

	If x > 30  Then
		Print "30ta Wadi"
	ElseIf x > 25  Then
		Print "30-25 Athara"
	ElseIf x > 20  Then
		Print "25-20 Athara"
	Else
		Print "20ta Adui"	
	End if
  1. පළමුව x නැමැති සංඛ්‍යාව 30ට වඩා විශාලද සොයා බලා, එසේවේනම් ෆෝරමයේ 30ta Wadi ලෙස දර්ශණය කරයි.
  2. එසේ නොවේනම් දෙවන තැනට ගමන් කර x නැමැති සංඛ්‍යාව 25ට වඩ ා විශාලදැයි සොයා බලයි, එසේවේනම් ෆෝරමයේ 30-25 ලෙස දර්ශණය වෙයි.
  3. එසේත් නොවේනම් තුන්වන තැනට ගමන් කර x නැමැති සංඛ්‍යාව 20ට වඩා විශාලදැයි සොයා බලයි, එසේවේනම් ෆෝරමයේ 25-30 ලෙස දර්ශණය වෙයි.
  4. එසේත් නොවේනම් ෆෝරමයේ 20ta Adui ලෙස දර්ශණය වෙයි.

VB6

Microsoft Visual Basic 6.0

Microsoft සමාගම විසින් හදුන්වාදුන් ඉතා හොද නමුත් වර්ථමානයේ අතහරිමින් තිබෙන ක්‍රමලේඛණ භාෂාවකි. වර්ථමානයේ මේ වෙනුවට VB.NET භාවිතයට පැමැණ ඇත.මෙමගින් සාදන මෘදුකාංග කම්පයිල් කිරීම මෙමගින්ම සිදුකළ හැකි වීමත් හා මෙමගින් සාදන මෘදුකාංග කිසිදු ගැටලුවකින් තොරව ඔනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක කළ හැකි වීමත් මෙහි සුවිෂේෂීතාවයන් වේ.
සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය මෘදුකාංග නිපදවා දීමට මෙය සමත් වන නමුත් සංකීර්ණ වැඩසටහන් සිදු කිරීම අපහසුය.

VB6 විවෘත්ත කර ගැනීම
  1. Windows XP,7,Vista සදහා - Start >>> All Programs >>> Microsoft Visual Studio 6.0 >>> Microsoft Visual Basic 6.0 විවෘත්ත කරගන්න.
  2. Windows 8, 8.1, 10 සදහා - Start >>> Visual Basic ලෙස සර්ච් කරන්න.
VB6 විවෘත්ත කළ පසු පහත තිරය දක්නට ලැබේ. මෙහිදී අපට සෑදීමට අවශය මෘදුකාංග වර්ගය තෝරාගත යුතුය.
 
  1. Standard EXE - සාමාන්‍ය වින්ඩෝස් මෘදුකාංගයක් සදහා.
  2. ActiveX EXE - සාමාන්‍ය මෘදුකාංගයක් සදහා වන උපකාරක මෘදුකාංගයක් තැනීමට.
  3. ActiveX DLL - සාමාන්‍ය මෘදුකාංගයක් සදහා වන උපකාරක DLL තැනීමට.
  4. අපට වැදගත් මෙම තුන පමණි.
VB6 ප්‍රධාන තිරය හදුනා ගනිමු.

  1. Form Design Window - Forms සැලසුම් කිරීමේ කවුලුව.
  2. Properties Window - ගුණාංග කවුලුව.
  3. Tool Box - මෙවලම් පෙට්ටිය.
  4. Project Explorer Window - ව්‍යාපෘති ගවේශණ කවුලුව.
  5. Form Layout Window - Forms Layout කවුලුව.
  6. Main Menu - ප්‍රධාන මෙනුව.